එපිසොඩ් වන් :
හතර දෙනෙක් එක්ක දවසක් ට්‍රිප්පෙකක් ගිහිල්ල ගුලි කාල මරු වැඩක් උනා. වීදුරු ඩප්පියක තිබ්බ සංජීවනි රසායනය කියල එකක්. කරුමෙට ගුලි නොකාපු එකෙක් හිටියෙ නැති නිසා කාපු එකෙක්ම තමයි ඩ්‍රයිව් කරෙ. පානම පාරෙ එක දිග පාලමක් තියෙනව වරකට එක වාහනයයි යන්ඩ පුලුවං. අනිප්පැත්තෙන් කාර් එකක් ලයිට් ගහං එද්දිම අපේ එකා දැම්මෙ නැතෑ මෙහා කොනෙං. අනිත් තුන්දෙනාටත් තේරුනා මොකක් නමුත් සිදු වෙන්ඩ යනව කියල හැබැයි කාටවත් හරියටම තේරුන්නෑ හයියෙන් හිනා වෙවී හිටිය. අනිප්පැත්තෙං ආපු එකත් ගුලි කාලද මන්ද උත් ස්ලො කරෙවත් නෑ. කියන්ඩ වෙන දෙයක් නෑ මිත්‍රවරුනි වාහන දෙක වැදෙන සද්දයක් ආව ඩකොස් ගාල අපි නැවැත්තුව අනික් වාහනේ රිවස් එකේම ආපි අපි ලගට.
ඊට පස්සෙ වෙච්ච දේවල් ටික තමයි කියන්ඩ ඕන, අත රිදෙනව මේ ටික ටෛප් කරලත්, තව පොඩ්ඩෙන් කෙලියහුටස් වෙනව වොයිස් ටයිපින් දාගෙන මේක ලියන්ඩ පටන්ගෙන.
එපිසොඩ් ටූ:
රිවස් කරන් ආපු කාර් එකෙන් බැස්ස කොල්ලෙක්. 20ක් වත් නැතුව ඇති. කොල්ල ගමේ. පානම. උගෙ ඒරියා එක. ඔහොමද අයිසෙ ඩ්‍රයිව් කරන්නෙ කියාගෙන බැස්සෙ.
වාහන දෙකේ සයිඩ් කන්නාඩි දෙක තමයි සද්දෙට වැදිල තියෙන්නෙ. උගේ එක අනිප්පැත්තට ඇබරිල අපේ එකේ වින්කර් කෑල්ලද මොකද්ද එක කඩල ගිහින්.
දෙපැත්තෙන්ම ටෝක්ස් ඉශු උනා. අපි හතරයි ඌ තනියම. අපි හතර දෙනා මැචුවඩ් නිසා (සහ ගුලි කාල නිසා) (සහ වයස 40 කටටම ඇවිත් නිසා) (සහ කොල්ල ගමේ නිසා) අතින් පයින් ගහගන්න ලෙවල් එකකට සීන් එක ඇදගෙන ගියේ නෑ. හැබැයි තනි කොල්ල (අපි හතරටම උනත් ගහන්ඩ වගෙ) හෙනම ගේමෙන් හිටිය බව නං කියන්ඩොන.
සහෝදරවරුනි මෙන්න මේ අතරෙදි තමයි අපේ කොල්ලොන්ගෙ ගුලි ටික ක්‍රියාත්මක වෙන්ඩ පටන් ගත්තෙ.
එපිසොඩ් ත්‍රී:
අපේ කාර් එකේ තිබුන රතු පාට කුරුසෙ ගහපු ඩොක්ට පාස් එකක්. අපේ එකෙක්ගෙ සිහිය කොයි තරම්ද කියනවනං අපේ කාර් එකේ ඩොක්ට පාස් එකට ඇගිල්ලෙන් තට්ටුවක් දාල ‘ආ මල්ලි උබ ඩොක්ටද ඒකද මෙච්චර සද්දෙ උබෙ’ කියල අහපි. අපේ කාර් එක සුදු අරුගෙ එක කළු. එහෙම වෙද්දිත් තමන් ගිය කාර් එක පැටලෙන්ඩ කොච්චර ප්‍රමානයක් ගුලි කන්ඩ ඕනිද කියල දැනගන්ඩ ඕනනං කෝල් එකක් හරි දීල උගෙන් අහපල්ල.
ඒ අතරෙ වාහනේ අයිතිකාරය ඉන්සුරන්ස් එකට කෝල් කරනව, වීඩියෝ කෝල් එකක් අරන් කාර් එක වටේ පෙන්නනව. කඩ්ඩෙන් පිංවතුනි සියල්ල වෙන්නෙ කඩ්ඩෙන්..
‘යූ නෝ දිස් ඉස් මයි කාර් ඉන් ඇක්සිඩන්ට් ඇන් බලන්ඩ මේ මයි දකුනු පැත්තෙ සයිට් කන්නාඩිය තමයි බ්‍රෝකන්.’ සුවර් එකටම අනිවාර්යෙන් මූ නං ගුලි කාල තමයි කියල කොන්ටිනන්ටල් එකේ නම්කිලත් දැනගන්ඩ ඇති එදා.
අර කොල්ල තාමත් ගේමෙන්. උගේ කන්නාඩිය වාහනේ රීස්ටාට් කරද්දි කැරකිල හරි ගියා. උට අබාදයක් නෑ. හැබැයි ඌ අපිට දෙනව ලෙක්ච එකක් දෙන්නෙක්ට මාරු වෙන්ඩ බැරි මේ පාලම උඩ කෝමද ඩ්‍රයිව් කරන්නෙ ඔයාල ඒක දන්නැද්ද ඕගොල්ලෝ කොහෙද අරකද මේකද කියල. ඌ නිකං කින්ඩියටම අහනව ‘ඕගොල්ලන්ට ලයිසන් තියෙනවද’ කියල. විලි ලැජ්ජාවයි අපේ එකෙක් පර්ස් එකෙන් ලයිසන් එක ඇදල අරන් පෙන්නුව කියහන්කො.
ඔච්චරයි. ඔය අතරෙ තව පොඩි පොඩි තව සීන් එහෙමත් උනා. ලියන්ඩ කම්මැලියි.
සීන් එකෙන් පස්සෙ කස්ටියම සතුටින් ගෙවල් බලා ආව. අතින් සල්ලි දාල අයිතිකාරයා අර වින්කර් කෑල්ල දාගෙන තිබ්බ. මොනව උනත් නෝ ක්ලේම් එක අපරාදෙනෙ.
ප.ලි.
මේ ට්‍රිප් එක අපි ගිය සුපිරිම ට්‍රිප් එකක්. ප්ලෑන් කරල ගිය එකක් නෙවෙයි, අලය පොල්ල තිබ්බ නිසා යන්ඩ දිහාවක් නැතුව ගිය ගමනක්. ට්‍රිප් එකක වෙන්ඩ තියෙන හැම දෙයක්ම වෙච්ච ට්‍රිපක්. මිස් වෙච්ච උන්ට සොරි.
උගත් පාඩම් කොමිසම එන ගමන් මේ තීරණ ඩොකුමන්ට් කරා:
- අපි ගහගත්තෙ නැති එක හොදයි, ඒකෙන් පෙන්වන්නෙ අපේ ඉවසීමේ ගුනය
- අර කොල්ල අපෙන් කෑවෙ නැති උනාට දවසක අනිවා කනව කාගෙන්හරි සුපිරියට
- එදාට ඌ හැදෙයි (හිත නිවන කතා අපිට උට දෙකක් අනින්ඩ බැරි උන දුකට)
- ගුලි කාල ඩ්‍රයිව් කිරීම අවදානම් වේ; පැසෙන්ජස්ල කෑවට එතරම් කමක් නැත
- කැඩිච්ච කෑල්ලේ වටිනාකම පොඩි නං නෝ ක්ලේම් එක තියාගෙන අතින් හදාගන්න එක ලාබයි
- පානම යද්දි බොන්ඩ ගන්නවනම් සියබලාණ්ඩුවෙන් දාගන්ඩ ඕන (මේක කතාවට අදාල නෑ ඔබේ දැනුම සදහා පමනයි)