කෝටි 117

මන්ත්‍රීන් 30කට වාහන ගන්න පරිපූරක ඇස්තමේන්තුව කෝටි 117ක් !

මේක පත්තරවල හෙඩ් ලයින් වල එතකොට fb එකේ එහෙම මේක ඉස්සල්ලාම දකිනකොට මගේ ඔලුවට ආපු කාරණා තමයි දැන් ඔය මේ වෙනකොට අමාත්‍යාංශ වල තියෙන වාහන පාවිච්චි කරන්න බැරිද, අලුත් වාහනම ඕනිද, හරි කැඩිලා කියමු, මේ තිස් දෙනාගේම requirement එක පාරමද එන්නෙ, ගන්නම ඕන  නම් එකම ජාතියකින් discount පිට වත් ගන්න බැරිද වගේ දේවල්. මට හොදටම ෂුවර් මෙහෙම හිතෙන්නෙ මට විතරක් නෙවෙයි කියලා. ලංකාවෙ ඉන්න හූණු බිජ්ජක් තරම් හරි මොලයක් තියෙන හැම එකෙකුටම ඔය සීන් එක ගැන අනිවා හිතෙන දේවල් තමයි ඔය.

අපිම පත් කරලා යවන උන් අපිට සේවය කරන්න කියලා වාහන ගන්නකොට අපිම බනිනවා. වැරැද්ද කාගෙද?

ප්‍රජාතන්ත්‍රවාදය වගේ concept එකක් ඇතුලෙ මේ දේවල් වෙන විදිය වැරදි කියන්න බෑ මොකද අපි මුන්ට බලය දීල තියෙන්නේ අපේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගන්න. ඒකෙන් පිට පනිනවනම් ජෙනුයින්ලි මුන් ජනතාවට සේවය කරන්නෙ නැත්නම් ඒ ගැන බලන්න අධිකරණය, විවිධ කොමිෂන් සභා, සමාජ ක්‍රියාකාරීන්ගේ සංවිධාන වගේ දේවල් තියෙනවා. ඒත් ඒවාට තියෙන බලය සීමිතයි, සමහර වෙලාවට ඇක්ටිව් මදි.

ඔතනදි අපිට-මහජනතාවට-උඹලට-අපිට මැදිහත් වෙන්න පුලුවන්ද?

දැන් ඔය වාහන කේස් එක ගත්තොත් ‘මහ ජනතාව’ කියල කියන අපිටත් මේ ගැන fb එකේ කවුරුහරි හදපු post එකක් share කරනවා ඇරෙන්න වෙන කරන්න ඕනි මොනවද කියන එක ගැන ලොකු අයිඩියා එකක් නෑ. කොටින්ම මාත් ඇතුළුව. fb පෝස්ට් එකකට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා තමයි. එත් තාම ලංකාව ඒ ලෙවල් එකට ඇවිත් නෑ මම හිතන්නේ. හැබැයි මට තේරෙන විදියට තව අවුරුදු 5කදී මේ ජාලගත ජනතාවගේ බලපෑම ඉතා වැඩි වේවි.ඒ නිසා මේ කොටන post කවදාහරි දවසක අපේ රටේ මිනිස්සු තමන් හිතන විදිය වෙනස් කරගන්න, අලි-පුටු-සීනු එක එක පක්ෂ වලට රෙදි නැතුව කඩේ යන ටයිප් එකේ මෝඩ පහේ දේශපාලනයෙන් ස්වායත්ත වෙලා තමන්ගේ ඔලුව පාවිච්චි කරලා නිවැරදි තීරණ ගන්න ලෙවල් එකට ගේන්න වැඩදායී වෙයි. සමහරු කියනවා වගේ මේවා කොටන්න යන කාලය අපරාදෙ තමයි, ඒත් අනාගතේ දවසක චුට්ටං සතුටක් වත් දැනෙයි අපිත් මේ change එකේ කොටස් කාරයෝ කියලා සීයට බිංදු ගොඩයි දසම ගානකින් හරි..

ජය..!

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s